Kitchen
චිකන් ඇන්ඩ් මෂ්රූම් රයිස්
හැමදාම එකම විදියට බත් කන්න පවුලේ අය දක්වන්නේ අකැමැත්තක් නම්... ඇත්තටම
එහෙනම් මේ චිකන් ඇන්ඩ් මෂ්රූම් රයිස් එක ඔබේ පවුලට කදිමට ගැළපේවි. රසයත්
ගුණයත් එකට කැටි වුණු මේ අනගි බත පවුලේ කවුරුත් එකට එකතු වූ රාත්‍රියක්
තවත් රසවත් කරාවි.
මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
ඔයෙස්ටර් මෂ්රූම් හෝ මික්ස්ඩ් මෂ්රූම් ග්‍රෑම් 150 ක්
ඔලිව් තෙල් මේස හැඳි 2 ක්
චිකන් තයි ග්‍රෑම් 400 ක්
බටර් ග්‍රෑම් 60 ක් පමණ
පෙති කපා ගත් ස්විස් බ්‍රවුන් මෂ්රූම් ග්‍රෑම් 400 ක්
තයිම් කොළ තේ හැන්දක්
ස්ටොක් කෝප්ප 4 ක් පමණ
ලූනු ගෙඩියක්, සිහින්ව කපාගත්
කුඩාවට කපා ගත් සුදු ලූනු බික් 2 ක්
හාල් ග්‍රෑම් 250 ක් පමණ (කෝප්ප 1 1/4 ක්)
සුදු වයින් කෝප්ප 1/2 ක්
පාර්මෙසන් චීස් ග්‍රෑම් 40 ක් පමණ
විනාකිරි තේ හැන්දක්
බිත්තර 4 ක්
අමතර තයිම් කොළ
අමතර ඔලිව් තෙල් (පිළිගැන්වීම සඳහා)
සාදන ක්‍රමය:
පළමුවෙන්ම
අවන් එක සෙල්සියස් අංශක 220ට රත් වෙන්නට තබන්න. බේකිං ට්‍රේ එකට ඔයෙස්ටර්
මෂ්රූම් දමා එය වටේට බේකිං පේපර්වලින් ආවරණය කරන්න. පසුව එයට තේ හැන්දක
තෙල් ඉස විනාඩි 10-12 ක් පමණ කාලයක් රන්වන් පැහැ වනතෙක් බේක් කරගන්න.
මේ
අතර ලොකු සෝස් පෑන් එකක් හෝ බඳුනක් ළිප තබා එයට ඉතිරි තෙල් ටික දමා
සාමාන්‍ය ගින්නේ රත් වන්නට තබන්න. තෙල් රත් වූ පසු මෙයට චිකන් ටික දමා
හැඳිගාමින් විනාඩි 5 ක පමණ වේලාවක් දුඹුරු පැහැ වනතෙක් බැදගන්න. හොඳින්
බැදුණු පසු මෙය වෙනත් බඳුනකට දමන්න.
දැන් සෝස් පෑන් එක ළිප තිබිය දී ම එයට බටර් දමා උණුකරගන්න.
දැන්
එයට ස්විස් බ්‍රවුන් මෂ්රූම් හා තයිම් දමා බැදෙන්නට හරින්න. විටින් විට එය
හැඳි ගාමින් විනාඩි 5-7 ක් පමණ කාලයක් එය බැද වෙනත් බඳුනකට මාරු කරන්න.
මෂ්රූම්
උයන අතරතුර දී බඳුනක් සාමාන්‍ය ගින්දරේ ළිප තබා එයට ස්ටොක් දමා රත්වෙන්නට
හරින්න. ගින්දර මඳක් අඩු කොට එම ස්ටොක් එක මෘදුව උතුරන්නට හරින්න.
ඒ අතර
ලොකු සෝස් පෑන් එකක් ළිප තබා ඉතිරි තෙල් දමා එයට බටර් ද එකතු කරන්න. ඉන්
පසු සුදු ලූනු, ලූනු එයට දමා විනාඩි 2 ක පමණ වේලාවක් හැඳිගාමින් බදින්න.
පසුව එයට සෝදාගත් හාල් ද එක්කරන්න. හැඳි ගාමින් විනාඩි 2 ක පමණ වේලාවක් වීදුරු වැනි මෘදු කොටසක් වන තෙක් පිසගන්න.
දැන්
මෙයට වයින් ද එක්කර විනාඩි 2 ක් පමණ ඒවා මිශ්‍රණයට උරා ගන්නා තෙක්
හැඳිගාමින් සිට එයට චිකන් හා උතුරන ස්ටොක් කෝප්පයක් එක් කරන්න. දැන් එය ලී
හැන්දකින් හිඳෙන තෙක් හැඳිගාන්න. පසුව නැවත නැවත ස්ටොක් කෝප්ප භාගය බැගින්
මෙයට එක්කරමින් හැඳිගාන්න.
එයට එකතු කරන ස්ටොක් සියල්ල හිඳෙන තුරු
විනාඩි 20 ක පමණ වේලාවක් උකුවන තෙක් තබන්න. එයට, කලින් සකසා ගත් බ්‍රවුන්
මෂ්රූම් මිශ්‍රණය එකතුකර ළිප නිවන්න. දැන් මෙම මිශ්‍රණයට චීස් දමා
හැඳිගාන්න.
සෝස් පෑන් එකක් ගෙන එයට වතුර දමා රත් වන්නට ළිප තබන්න. ගින්දර මඳක් අඩුකර විනාකිරි එයට එක්කොට හැඳිගාන්න.
දැන්
පරෙස්සමෙන් බිත්තර එකින් එක කඩා වතුරට දාන්න. මෙය, විනාකිරි මිශ්‍රණය
හැඳිගාමින් මඳ ගින්නේ විනාඩි 3-4 ක වේලාවක් තම්බා ගන්න. තෙල් හැන්දක් භාවිත
කරමින් මෙය සුදු කඩදාසියක් (පේපර් සර්වියට් එකක්) එළාගත් පිඟානකට දමන්න.
දැන්
සාදා ගත් බත් මිශ්‍රණය කොටස්කර පිළිගන්වන බඳුන්වලට දමන්න. එය උඩින්
තම්බාගත් බිත්තර, ඔයෙස්ටර් මෂ්රූම් හා සැරසීම සඳහා තයිම් කොළ දමන්න.
අවසානයේ දී ඔලිව් තෙල් ස්වල්පයක් ඉස මෙය පිළිගන්වන්න.
එකම කෑම පිඟානකින් විවිධ රසයත් සම්පූර්ණ පෝෂණයත් මෙමඟින් ඔබට ලැබිය හැකියි.